පළමු වසර පාසල් සිසුවියට පහරදීම.
ලිඛිත පැමිණිල්ල හා මානව හිමිකම් කොමිෂමේ නිර්දේශය.
සිද්ධිය අදාළව, 2024.08.12 දාතමින්, දැරියගේ ආච්චි ඉදරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කෙමිෂන් සභාවේ නිර්දේශය පහත දැක්වේ.
දිවුරුම් ප්‍රකාශය
ක`ඵතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, කැටගහහේන, නෑහින්න හි පදිංචි, මහවත්තේ කංකානම්ගේ නිලන්ති මේනකා වන මා බෞද්ධාගම්කාරියකු වශයෙන් අවංක ලෙස ද, ගරු ගාම්භීරතා පූර්වකව ද පහත සඳහන් කරුණු සත්‍ය හා නිවැරදි බව දිවුරුම් දී ප්‍රකාශ කර සිටිමි.
1.1. ඉහත සඳහන් දිවුරුම් ප්‍රකාශිකාව මම වෙමි.
11. මාගේ වයස අවු : 39 යි. ජා.හැ.අ. 857143230 ඪල දික්කසාද, දරුවන් 03 යි,
111. මා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙමි.
01. සෙනුරි ----, වයස අවුරුදු 05යි මාස 07යි, මාගේ මිනිබිරිය බව ප්‍රකාශ කර සිටිමි .
02. ඇගේ මව විදේශගතව රැකියාවක නිරතව සිටින බවත්, මිනිබිරියගේ නීත්්‍යානුකූලභාරකරුවාමා බව ප්‍රකාශ කර සිටිමි.
03. මෙම 2024, වසරේ, කළුතර අධ්‍යාපන කළාපයේ, නෑහින්න කනිෂ්ඪ විද්්‍යාලයේ පළමු වසරට ඇයව ඇතුළත් කළ බව ප්‍රකාශ කර සිටිමි.
04. 2024.08. 08 වන දින, දහවල් මාගේ මිණිබිරියට, පන්ති භාර ගුරුවරිය වන අනෝමා නැමැති ගුරු මෙනවිය වේවැළකින් අමානුෂික ලෙස පහර දී ඇති බවත්, ශරිරය පුරා වේවැල් පහර කෑම නිසා ඉදිමී තිබූ බව ප්‍රකාශ කර සිටිමි.
05. මෙම අමානුෂික පහර දීම සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පතිනිය, සිංහබාහු මියට,එදින දහවල් 12.30ට පමණ පැමිණිලි කළද, ඇය මෙම අමානුෂික පහර දීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැති බව ප්‍රකාශ කර සිටිමි.
06. සවස් වන විට දරුවාට උණ ගත් අතර, මා පසු දින මෙම පහර දීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කළුතර කළාප අධ්‍යාපන කාර්යාලයටගිය අවස්ථාවේ විස්තරය අසා නිලධාරිණියක් මාගෙන් ලිපියක් ලියවා ගත් බව ප්‍රකාශ කර සිටිමි.
07. සිද්ධිය අදාළව මට පොලීසියට ගොස් පැමිණිලි කරන ලෙසට උපදෙස් දුන් බව ප්‍රකාශ කර සිටිමි.
08. ඒ අනුව මා දොඩංගොඩ පොලීසියට ගොස් පැමිණිලි කළ බවත්,යොමු අංකය උක්‍ෂ - 73/55 බව ප්‍රකාශ කර සිටිමි.
09. නමුත් කිසිදු පියවරක් නෙගත් බවත්, අවම වශයෙන්ම මට, දරුවාව රෝහල්ගත කරවන ලෙසට වත් උපදෙස්, “ටිකට් එක” නොදුන් බව ප්‍රකාශ කර සිටිමි.
10. එයින් අනතුරුව මා, දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ළමා හිමිකම් හා ප්‍රවර්ධන නිලධාරිණිය මුණ ගැසි සිය`ඵ විස්තර කියා සිටි බව ප්‍රකාශ කර සිටිමි.
11. මාගේ, දැනීමේ හැටියට, අද දින දක්වාම කිසිදු ආයතනයකින් කිසිදු නීත්‍යාානුකූල පියවරක් ගෙන නැති බවත්, උත්සාහ ගන්නේ රටේ නීතිය, ළමුන් ආරක්ෂා කිරිමට තිබෙන නීති, ක්‍රියාත්මක නොකර පාසලට “කැළලක් ” වන නිසා යන තර්කය මක, අපරාධය සිදු කරන ලද ගුරුවරිය හා වගකිව යුතු විදුහල්පතිනිය ආරක්ෂා කිරිමට උත්සාහ ගන්නා බව ප්‍රකාශ කර සිටිමි.
12. පංතියේ සිටින ළමුන් 10 දෙනාව නිරන්තරයෙන් පීඩාවට පත්කරන මෙම ගුරුවරිය දරුවන්ට පහර දෙන්නේ විශාල වේවැලකින් බවත්, ඒ විදුහල්පතිනි සිංහබාහු මිය ගේ ආශිර්වාද ඇතිව සිදුකරන බවත්, මෙදින පහර දීමට හේතුව දරුවාට, ඇලපිල්ලක් සහිත අකුරකින් වචනයක් හදන්න බැරි වූ නිසා බව ප්‍රකාශ කර සිටිමි.
13. මාගේ දරුවා ශාරීරිකව දුබල අයෙකු වන අතර, මෙම පහර දීමෙන් පසුව, දරුවාට, නින්ද නොයෑම, වරින් වර උණ ගැනෙන අතර, ඇය කම්පනයට පත්ව සිටින අතර, පාසල් යෑමද ප්‍රතික්ෂේප කරන බවත්, මෙම පසුබිම තුළ මා දරුවාව ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට ඉදිරිපත් කළ බව ප්‍රකාශ කර සිටිමි.
14. 2024.08.22 මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ෂණයක් සිදු කරන ලද අතර, එදින, පළමු වසර භාර අයෝමි ගුරුතුමිය, විදුහල්පතිනිය හා කලුතර කලාප කාර්යාලයේ අධ්‍යක්ෂ සහභාගි වු බවත්, කොමිෂණ් සභාවේදැණුම් දීම අනුව, අධිකරණ වෛද්‍ය වාර්තාව, මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කරන බව, නාගොඩ මහ රෝහලේ, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළ බව ප්‍රකාශ කර සිටිමි.
15. මෙම සිද්ධියෙන් පසුව, මා, දරුවා සමග 2024.08.12දින, පාසලට ගිය අවස්ථාවේ, පාසල් භූමිය තුළ රැස්ව සිටි, 1 වසරේ දරුවන්ගේ මව් පියන් හය දෙනෙකු මා හට පහර දුන් බවද, ඒ පිළිබඳව මා දොඩංගොඩ පොලීසියේ පැමිණිලි කළ බව ප්‍රකාශ කර සිටිමි.
16. එම පැමිණිල්ල පිළිබඳ විමර්ෂණය කරන ලද අවස්ථාවේ මගේ පැමිණිල්ල නිසි පරිදි සටහන් කරගෙන නොමැති බව, හෙළිවු අතර, අපරාධය “සමථ මණ්ඩලයට” යොමු කරන බව ප්‍රකාශ කරන ලද බව ප්‍රකාශ කර සිටිමි.
නිර්දේශ:
(පැමිණිලි අංකය:HRC/394/24 – දිනය:- 2024.12.09)
1. මෙකී සිදුවීමට භාජනය වූ වින්දිත දැරිය වයස අවුරුදු 05 ක පමණ කුඩා දරුයන් වන බැවින් පළමුවන වගඋත්තරකරු වන කේ.ඒ.ඒ. විජේරත්න මිය විිසින් වින්දිත දැරියගේ වර්තමාන භාරකාරත්වය දරන පැමිණිලිකාරිය වෙත රු. 10,000/- මුදලක් ගෙවිය යුතුය.
ලේකම් (අධ්‍යාපන අමාත්‍යාංශය) විසින්,
2. පළමුවන වගඋත්තරකරු වන කේ.ඒ.ඒ. විරෙජ්රත්න මිය සම්බන්ධයෙන් සුදුසු විනයානුකූල පියවර ගැනීමට කටයුතු කළ යුතු අතර, එසේ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව කොමිෂන් සභාව දැනුවත් කළ යුතුය.
පොලිස්පතිවරයා විසින්,
3. දොඩංගොඩ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සිදුවීම වාර්තා වූ මුල් අවස්ථාවේ ක්‍රියාකර ඇති ආකාරය, සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැක.එබැවින් එම නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගැනීමට කටයුතු කළ යුතු අතර, එසේ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව කොමිෂන් සභාව දැනුවත් කළ යුතුය.
2025.01.16 වන දිනට පෙර මෙකී නිර්දේශ ක්‍රියාත්මක් කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙස 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් නොමිෂන් සභ ාපනතේ 15(7) වන වගන්ති ප්‍රකාරව වගඋත්තරකාර පාර්ශවය වෙත දන්වමු.
එසේම, එකී නිර්දේශ ක්‍රියාත්මක කර, ඉදිරිපත් කිරීමට නියමිත දින සිට සතියක කාලයක් තුළ මෙම නිර්දේශ ක්‍රියාත්මක වීම හෝ නොවීම සම්බන්ධව පැමිණිලිකාර පාර්ශවය විසින්ද කොමිෂන් සභාවට දැනුම් දිය යුතු වන අතර, එදිනට පෙර අදාළ දැනුම්දීම සිදු නොකරන්නේ නම් පසුව ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා නොබලන බව ද වැඩිදුරටත් දන්වමු.
......................
එල්.ටී.බී. දෙහිදෙණිය,
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (හිටපු)
සභාපති
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
නිමල් ජී. පුංචිහේවා
ජේ්‍යෂ්ඨ නීිතිඥ
කොමසාරිස්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
පිටපත:
1. අමාත්‍යතුමා- කා.දැ.ගැ.ද
අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය, බත්තරමුල්ල.
2. ලේකම්-
ඉහත නිර්දේශ ප්‍රකාරව පියවර ගැනීම
අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල.
3.
පොලිස්පති,-
ඉහත නිර්දේශ ප්‍රකාරව පි.ගැ.
පොලිස් මූලස්ථානය, කොළඹ 01.