වධ හිංසා පැමිණවීමට එරෙහිව නීතිමය පියවර ගැනීම නිසා, පළි ගැනිමට, “හෙරොයින්” ආදේශ කර, උසාවිය පාවිච්චි කර, රිමාන්ඩ් කරවීම.
රිමාන්ඩ් භාරයේ සිටින
මංජුල ගේ මව,
01.පොලිස්පති, 02. මානව හිමිකම් කොමිෂන් සභාව,03. ජාතික පොලිස් කොමිෂන් සභාව හා 04.ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී- ක`ථතර අමතා ඉදිරිපත් කරන ලද
ලිඛිත පැමිණිල්ල.
වධ හිංසා පැමිණවීමට එරෙහිව නීතිමය පියවර ගැනීම නිසා, පළි ගැනිමට, “හෙරොයින්” ආදේශ කර, උසාවිය පාවිච්චි කර, රිමාන්ඩ් කරවීම.
ඉන්ද්‍රානි, අවු: 64යි. ජ.හැ.අ. 6273------V. විවාහක. දරුවන් 03යි. වෙළදාම.-------, පඹේ, පයාගල. දු..අ. 077 -------
2025.05.19 දින දීය.
මංජුල ------ ,අවු:- 43යි. විවාහක. දරුවන්02යි. රැකියාව:- වෙළදාම. මාගේ පුතා වේ.
2025.05.15 වන දින, රාත්‍රී 7.00 ට පමණ, පයාගල පොලීසියේ, නිලධාරීන් හතර දෙනෙකු පැමිණියා. වරෙන්තුවකට පුතාව අරන් යන්න ආ බවට ප්‍රකාශ කළා.
ඒ අතර, ලේලි, මත්පැන් (කසිප්පු) විකුණනවා පොලීසිය දැක, ඇයව අල්ලා ගත්තා.
මාගේ පුතා වෙළඳාම කරන අතර, නීති විරෝධීව පෙරන “මත්පැන් (අනවසර-කසිප්පු)” විකිණීම කරනවා.
ලේලිය හා පැමිණි පොලිස් නිලධාරියෙක්, පුතාට දුරකථනයෙන්, කථා කර, ගෙන්නා ගත්තා.
පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළා, ආවේ නැත්නම්, ලේලිව ගෙනියනවා කියා.
ටික වේලාවකින් පුතා ආවා. ඔහුව, අත්අඩංගුවට ගෙන ගියා. රාත්‍රීයේදී, පුතාට පහර දී තිබුනා.
පසුදින, 2025.05.16, ක`ඵතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ, නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම හෝ ජාවාරම් කිරීම හෝ නොව, ''හෙරොයින්" සමග අසුවූ බවට වන බොරු චෝදනාව නගාය.
අධිකරණයේදි පුතාට පොලීසිය පහරදි තිබෙන බව ප්‍රකාශකලා. ඒ අනුව ක`ථතර මහා රොහලට පුතාව බන්ධනාගාරයෙන් රැගෙන ගියා. ඔහු ක්ෂය රෝයෙන් පොළෙන අයෙකු බව බන්ධනාගාරයට දැනුම් දි තිබේ. නමුත් ක`ථතර බන්ධනාගාරයෙ සාමාන්‍ය වට්ටුවක රඳවා තිබේ. මෙයට, ප්‍රධාන හේතුව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, පහරදී, බොරු චෝදනා නැගීමට ගැන ක`ඵතර දකුණ පොලීසියට එරෙහිව, 2025.02.05 කරන ලද පැමිණිල්ල වේ.
2025.01.08 වන දින, පුතා ක`ඵතර දකුණ පොලීසියට ගියේ, පැමිණිල්ලක් දැමීමටය. ඒ අවස්ථාවේ, ඔහුට පහර දීම සිදු කරන ලදි. ඔහුට, ක`ඵතර මහා රෝහලේ නේවාසික ප්‍රතිකාර ගැනිමට සිදුවිය.
මෙම පසුබිම තුළ, පළිගැනීම සඳහා, අත්අඩංගුවට ගෙන, පහරදී, දිගු කාලයක් රිමාන්ඩ් කරවා, දඬුවම් කරවීමේ අරමුණ ඇතිව, හෙරොයින් දමා, උසාවිය, පාවිච්චි කිරීම අපරාධයකි. නඩු අංකය: BR ----- වේ. ක`ථතර ම/උ.
ඉල්ලා සිටින්නේ, පයාගල පොලීසිය, උසාවියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කර, ''නීතිය"යොදාගෙන, රිමාන්ඩ් කරවා, සිදුකරන අපරාධය වළක්වා, අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය. ඉහත කරුණු සත්‍යය හා නිවැරදි බව ප්‍රකාශ කර සිටිමි.
මෙයට, ඉන්ද්‍රානි(මව)