ඇඹිලිපිටිය පොලීසියේ පුනරැදය.......

ඇඹිලිපිටිය පොලීසියේ පුනරැදය.......


සහකාර පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරී කාර්යාලය, ඇඹිලිපිටිය

 බලපෑම් හෝ අයුතු සම්බන්ධකම් මත, පැමිණිලිකාරිය වූ මා හට තර්ජනය කිරීම හා ව්‍යාජ චෝදනා නැගීම.

 පලන්සූරිය මොහොට්ටාලලාගේ උදේෂිකා ප්‍රියානි ප්‍රේමචන්ද්‍ර, අවු:33 යි, ජා.හැ.අ. 918150455 ඪල ලිපිනය: කපුහේන්තැන්න, ගොඩකවෙල. දු.අ. 076 0448644

 2025.05.29 දින දීය.

 2025.05.10 වන දින, ප.ව. 4.30 ට පමණ, මා, අංක: MCR1453රැ25 යටතේ පැමිණිල්ලක් කළෙමි. පැමිණිල්ල සටහන් කරගනු ලැබුවේ, කා.පො. මධුවන්ති නිලධාරිණිය විසිනි.

 මා, රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ, ඇඹිලිපිටිය 97,1/2 ලිපිනයේ, පුද්ගලික පංතියක් පවත්වාගෙන යනු ලැබේ.

 මෙම ස්ථානයේ, අවු: 2ක කාලයක සිටද, ගමේ අවුරුදු 10 ක කාලයක් සිටද, කිසිදු බාධාවකින් තොරව, පංති පවත්වාගෙන යනු ලබන අතර, සිසුන් 15 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වේ.

 මාගේ පැමිණිල්ල වූයේ, 97,1/2 ගමේ පදිංචි, සුරතල් මසුන් ඇති කරන, රූපසිංහ හා ඔහුගේ දියණිය, ඉමාෂි මාසයකට ආසන්න කාලයක සිට, මාගේ ජීවන වෘත්තියට හානිදායක වන අන්දමට, අසත්‍ය හා තර්ජනාත්මක ප්‍රචාරයන් කිරීම පිළිබඳව හා ඔහු දුරකථනය මගින්, මට පංති කිරීමට ඉඩ නොදෙන බවට කරන තර්ජන පිළිබඳවය.

 මුලදී, මෙම රූපසිංහ හා දියණිය ඉමාෂා, මාගේ සැමියා, නිමන්ත ඉඳුනිල් සෙනෙවිරත්න සම්බන්ධයෙන් අයථා හැසිරීම් ගැන චෝදනා නැගීමට පටන් ගත් අතර, ඉන් අනතුරුව, මා, මත්ද්‍රව්‍යය විකුණන බවට චෝදනා කිරීමට පටන් ගන්නා ලදි.

 2025.05.20 හා 2025.05.25 දිනවලදී, මාගේ පැමිණිල්ල අදාළව, කැඳවිම් කළද, විභාගය පැවැත්වූයේ නැත.

 2025.05.20 වන දින, සිවිල් පිට සිටි නිලධාරියෙක්, මට හා සැමියාට, ප්‍රකාශ කළා, “පෑනයි කොළයයි, අපේ අතේ තියෙන්නේ”, ඉමාෂා නැමැත්තිය ගෙන්වා, සැමියා කලිසම පහත් කර, පෙන්නුවා කියා, පැමිණිල්ලක් ලියවාගෙන, අවු: 8 කට හිරේ දානවා යයි කියමින් තර්ජනය කළා.

 2025.05.25 දින දී, එම නිලධාරියා මට, “කුඩුනඩුවක් දමා, කරකවා, හිරේ දානවා කියමින් තර්ජනය කළා.

 2025.06.01 දින උදේ 10.00 ට මාගේ පැමිණිල්ල විභාග කිරීමට කැඳවා තිබෙනවා.

 මාගේ පැමිණිල්ලට, පළමු දිනයේ පැමිණියේ, රූපසිංහ යන අය පමණි. දෙවන දිනයේ, රූපසිංහ හෝ ඉමාෂා හෝ පැමිණියේ නැත.

 නමුත්, ඉහත සඳහන් නිලධාරියා, මා දැඩි අපහසුතාවයට හා පීඩනයට පත් කරමින්, ව්‍යාජ නඩු දමන බවට තර්ජනය කරන ලදි.

 2025.06.01 දිනයේ, පොලීසියට ඉදිරිපත් වීම මගින්, පැමිණිලිකාරිය වූ, මාව, චූදිතයෙකු කිරීමට ඉඩ තිබේ.

 මා, බරපතල හෘද රෝගියෙකු වන අතර, සෑම මසකම කහවත්ත මූලික රෝහලේ, හෘද රෝග සායනයෙන් ප්‍රතිකාර ගන්නා අයෙක්මි.

 එම නිසා, පවතින වාතාවරණය තුළ, මා තනිව, පොලීසියට ගොස් ඉදිරිපත් වීම බරපතල ප්‍රශ්නයකි.

 ඒ සම්බන්ධයෙන් මාගේ ආරක්ෂාව සලසන ලෙසට ඉල්ලමි.

 සැ.යු. රූපසිංහ හෝ ඉමාෂා යන දෙදෙනාගේ උත්සාහය, සැමියා හා ඉමාෂා අතර පවතින බවට ප්‍රකාශිත සම්බන්ධය මත, මාගේ ජීවන වෘත්තිය කඩාකප්පල් කර දමා, අතරමං කිරීමය.

 ඉහත සිය`ඵ කරුණු සත්‍යය බව ප්‍රකාශ කරමි.

 මෙයට,

 පලන්සූරිය මොහොට්ටාලලාගේ උදේෂිකා ප්‍රියානි ප්‍රේමචන්ද්‍ර

 පිටපත්:

 පොලිස්පති

පොලිස් මූලස්ථානය

කොළඹ 01