13 වසරකට පසුව යුක්තිය හිමිවේ. වන්දිය මිලියන 1.2යි.
13 වසරකට පසුව යුක්තිය හිමිවේ. වන්දිය මිලියන 1.2යි.
2012 අගෝස්තු 02 වන දින, තඹුත්තේගම පොලීසියේ, පොලිස්කාරයින් 06 දෙනෙකු සිවිල් පිට පැමිණ, අත්අඩංගුවට ගෙන, කෲර අමානුෂික වධ හිංසාවට පත් කර, ව්‍යාජ චෝදනා නගා නඩු පැවරිම මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත මූලික අයිතීන් උල්ලංඝණය කරන ලද බවට පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, එවකට එම පොලීසියේ සේවය කරන ලද, පො.කො. ප්‍රසන්න, සැරයන් කරුණාතිලක, පො.කො. ජයන්ත, අබේසිංහ හේරත් හා ප්‍රේමතුංග, වැරදිකරුවන් කරමින්, මාස තුනක් තුළ, එක් අයෙකු රු: 200,000/- බැගින්, රු:- ලක්ෂ 12 ක්, පෙත්සම්කරු සුසිල් ප්‍රියංකරට ගෙවන ලෙසට නියම කළේය.
එයට අමතරව, එවක ස්ථානාධිපතිවරයා ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවද තීරණය කර ඇත.
ඉහත පොලිස්කාරයින් 06 ට එරෙහිව, වධ හිංසා පනත යටතේ නඩු පවරන ලෙසටද, නීතිපතිට නියෝග කර ඇත.
සම්පූර්ණ නඩු තීන් දුව සඳහා පිවිසෙන්න.