ව්‍යාජ චෝදනා පිළි නොගැනීම නිසා, පළි ගැනීමට, උසාවිය පාවිච්චි කර, රිමාන්ඩ් කරවීම

ව්‍යාජ චෝදනා පිළි නොගැනීම නිසා, පළි ගැනීමට, උසාවිය පාවිච්චි කර, රිමාන්ඩ් කරවීම


01. පොලිස්පති02. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව සහ 03. ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත, බිරි ඉදිරිපත් කළ පැමිණිල්ල.

ව්‍යාජ චෝදනා පිළි නොගැනීම නිසා, පළි ගැනීමට, උසාවිය පාවිච්චි කර, රිමාන්ඩ් කරවා, මහේස්ත්‍රාත් අධිකරණයේන ඇප ලබා ගැනීමට නොහැකිවන අන්දමට,සිදුකරන, මූලික අයිතීන් උල්ලංඝණය කිරීම.

 කුමාරි, අවු: 27 යි, ජා.හැ.අ. 1998------, විවාහක, දරුවන් 01 යි, ගෘහනිය. ලිපිනය: 313/ඊල මැද, වාද්දූව. දු.අ. 076 -----

2025.05.20 වන දින දීය.

රුක්ෂාන්, අවු: 32 යි, ජා.හැ.අ. 930---, මාගේ සැමියා වේ. ( ක`ථතර බන්ධනාගාරය ).

 2025.04.25 වන දින, සැමියා ගෙදර ආවේ නැති නිසා, පසුදින උදේ, වාද්දූව පොලීසියට ගියා.

සැමියා, කූඩුවේ හිටියා. ඔහු මට කිව්වා, ගෙදර එනකොට, පොලීසියෙන් අරගෙන ආවා, ඇඟිලි සලකුණු ගත්තා කිව්වා. කාරණය දන්නේ නෑ කිව්වා.

 මා, එවිට, අපරාධ අංශයට ගොස්, එහි සිටි නිලධාරියෙකුගෙන්, සැමියාව අත්අඩංගුවට ගත්තේ ඇයි කියා ඇසුවා.

 එවිට, පාරෙදි ගත්තේ, ළඟ අයිස් තිබුනා කිව්වා. ඉන් එහාට මට කථා කරන්න දුන්නේ නෑ. ඊළඟ සැරේ දාන්නේ බෝම්බයක් යයි කිව්වා.

 පසු දින, 2025.03.26 දින, සවස, වැඩ බලන මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළේ, අයිස් මත්ද්‍රව්‍යය මිළි ග්‍රෑම් 10,200 ක් ළඟ තිබූ බවට චෝදනා කරය.

 සැමියා, 2025.04.06 දක්වා, රිමාන්ඩ් කළා.

 2025.04.06 දින, 2025.04.19 දින දක්වාද, 19 වන දින, 26 දින දක්වාද රිමාන්ඩ් කරනු ලැබුවා.

 වාද්දූව පොලීසිය, සැමියාව, 2022.06.19 වන දින, අත්අඩංගුවට ගෙන, පසු දින, 2022.06.20, ගරු අධිකරණයට ඉදිරිපත් කළේ, හෙරොයින් මි.ග්‍රෑ. 5100 ක් ළඟ තබාගත් බවට චෝදනා කරමින්. පානදුර, ම/උ නඩු අංකය: 94380/22 වේ.

 අත්අඩංගුවට ගත් බව කියන, හෙරොයින්, රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කරන්නේ, 2022.11.01 දිනය. එනම් මාස 05 කට පසුවය.

 ගරු අධිකරණය, සැමියා සන්තකයේ තිබූ බවට, පොලීසිය කියා සිටි, හෙරොයින් ප්‍රමාණය මි.ග්‍රෑ. 5100 ක් වුවත්, අධිකරණයට ඉදිරිපත් කර තිබී ඇත්තේ, මි.ග්‍රෑ. 4878 කි. එම හෙරොයින් ප්‍රමාණය, රස පරීක්ෂක විසින් පරීක්ෂා කිරීමේදී, තිබුණ හෙරොයින් ප්‍රමාණය මි.ග්‍රෑ. 86 කි. එම නිසා, හෙරොයින් මි.ග්‍රෑ. 86 ක් සන්තකයේ තිබූ බවට, වන චෝදනාව ඉදිරිපත් කිරීමට පොලීසියට සිදුවිය.

 මෙම නඩුව, මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමෙන් අනතුරුව, 2023.12.05 දින, නිදොස් කොට නිදහස් කරන ලදි.

 වාද්දූව පොලීසිය, ගරු අධිකරණයට, ව්‍යාජ වාර්තා ඉදිරිපත් කිරීම නිසා, සැමියාට, මාස 09 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුවිය.

 එයින්, මාස 05 කට පසුව, 2024.04.24 දින, නිවසේ සිටියදී, වාද්දූව පොලීසිය පැමිණ, අත්අඩංගුවට ගනු ලැබුවා. එදිනම, පානදුර, මහේස්ත්‍රාත් අධිකරණයේ, හෙරොයින් සන්තකයේ තබාගත් බවට, නඩුවක් සමග සොරකම් නඩු 02 ක් දමනු ලැබුවා.

නඩු අංකය: 19406 යටතේ පවරන ලද නඩුවේ චෝදනාව වූයේ හෙරොයින් ග්‍රෑම් 2 මි.ග්‍රෑ. 260 ක් සන්තකයේ තබා ගැනීමය.

නඩු අංක: 19403 යටතේ පවරන ලද නඩුවේ චෝදනාව වූයේ, යකඩ බට සොරකම් කිරීම වන අතර, අනෙක් නඩුව පාපැදියක් සොරකම් කිරීම වේ.

 එම නඩුවලට ඇප හිමිවිය.

 19406, හෙරොයින් චෝදනාවට, රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මෙම චෝදනාවට, මහාධිකරණයෙන් ඇප ලබාගනු ලැබුවා. ඇප මත නිදහස්වූ, දිනය: 2024.07.25.

19406 හෙරොයින් නඩුවට අදාළව රස පරීක්ෂක වාර්තාව, මේ දක්වා ලැබී නැත.

මෙම නඩු තවමත් පවතී.

දැනට පවතින නඩුවලට, එක් ඇප කොන්දේසියක් වන්නේ, සෑම මසකම පළමු ඉරිදා හා තෙවන ඉරිදා, වාද්දූව පොලීසියේ අත්සන් කිරිමය.

මෙම පසුබිම යටතේ, මුලින් සඳහන් කරන ලද පරිදි, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද, 33636/25 නඩුව පවරන ලදි.

පළමු හෙරොයින් නඩුවට, වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කර, නිදොස් කොට නිදහස් වීම ඉලක්ක කරගෙන, පළි ගැනීමේ චේතනාවෙන්, වාද්දූව පොලීසිය, වසරකට වරක්, නඩු දැමීමට පටන් ගෙන තිබේ. ඒ බව, ඔවුන් ප්‍රකාශ කරයි.

වාද්දූව පොලීසියේ මෙම නීති විරෝධී ක්‍රියාව නිසා, සැමියාට, අමතරව, මමත් දරුවාත් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව තිබේ.

ඉල්ලා සිටින්නේ,

(1) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ, 36/25 නඩුවට අදාළ, රස පරීක්ෂක වාර්තාව, ප්‍රමාද නොකර ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටත්,

(2) පවරා තිබෙන නඩු ප්‍රමාද නොකර, විභාග කර, අවසන් කරන ලෙසටත්,

(3) ව්‍යාජ නඩු පැවරීම අපරාධයක් නිසා, වාද්දූව පොලීසියේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසටත්,

(4) ව්‍යාජ නඩු පවරා, අධිකරණය පාවිච්චි කර, රිමාන්ඩ් කරවීම, මූලික අයිතීන් උල්ලංඝණය කිරීමක් බවට ප්‍රකාශ කරවන ලෙසටය.

මෙයට,

කුමාරි