20 හැවිරිදි තරුණියක්ව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, පැය 08ක් රඳවාගෙන, කෲර අමාණුසික වධ හිංසාවට, අවමන් සහගත සැලිකිලි හා දඬුවම්වලට භාජනය කිරීම.

20 හැවිරිදි තරුණියක්ව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, පැය 08ක් රඳවාගෙන, කෲර අමාණුසික වධ හිංසාවට, අවමන් සහගත සැලිකිලි හා දඬුවම්වලට භාජනය කිරීම.


පොලිස්පති , මානව හිමිකම් කොමිෂන් සභාව හා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත, මව ........කුමාරි, (අවු: 51 යි, ජා.හැ.අ. 1973--, විවාහක, දරුවන් 03 යි, ගොවිතැන, ලිපිනය: ....., බදුරලිය. දු.අ. 071 ....) කර තිබෙන පැමිණිල්ල.

බදුරලිය පොලීසිය, 20 හැවිරිදි තරුණියක්ව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, පැය 08ක් රඳවාගෙන, කෲර අමාණුසික වධ හිංසාවට, අවමන් සහගත සැලිකිලි හා දඬුවම්වලට භාජනය කිරීම.

 2025.05.17 වන දින දීය.

 2025.05.12 වන දින, සවස 7.00 ට පමණ, මා සමග, පුතා, අඹවලගේ චමිත සඳරුවන්, කථා බහක් ඇති විය. එම කථා බහට, ස්වාමියා, (අඹවලගේ අරුණ ක්‍රිෂාන්ත ද සිල්වා, අවු: 50 යි) මැදිහත් වීම සමග, පුතා අමානුෂික ලෙසට ස්වාමියාට පහර දුන්නා. එම පහර දීමට, ලේලිය වන, තරුෂි නිවර්තනා, එකතු වුනා.

පහර දීමෙන් ස්වාමියා, බිම ඇද වැටුනා. මා, ඔහුව ඔසවා, ත්‍රීරෝද රථයකින්, බදුරලිය ප්‍රාදේශීය රෝහලට රැගෙන ගියා. රෝහලට රැගෙන යෑම වැළැක්වීමට, පුතා, ලේලිය, පොලු අරන්, දැඩි උත්සාහයක් ගත්තා. ඉතා අසීරුවෙන්, සැමියාව, බදුරලිය රෝහලට ගෙන ගියා. වහාම ඔහුව, ගිලන් රථයකින් ක`ඵතර මහා රෝහල වෙත යවනු ලැබුවා.

`ඵතර මහා රෝහලේ දින 02 ක් නේවාසික ප්‍රතිකාර ගත්තා.

පොලීසියේ උපදෙස් මත, 2025.05.15 දින උදේ, මා, සැමියා හා දියණිය සමග බදුරලිය පොලීසියට ගියා.

පොලීසිය සැමියාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. පහර දීම කළ, අඹවලගේ චමිත සඳරුවන් පුතා, බිරිඳ වන, තරුෂි නිවර්තනා සමග සිටියා. ඔවුන්ගෙන්ද ප්‍රකාශ ගත්තා.

එම ප්‍රකාශ ගැනීමෙන් පසුව, මා සැමියා සමග, ස්ථානාධිපතිවරයා ළඟට ගොස්, ගෙදර යතුර පුතා ළඟ ඇති බැවින්, එම යතුර ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා.

එම ඉල්ලීම නිසා, දැඩි ලෙස උරණ වූ, ස්ථානාධිපතිවරයා, සැමියාගේ ෂර්ට් එකෙන් අල්ලා, කරකවා, ඇදගෙන ගොස්, පැමිණිලි ලියන තැන පුටුවකට තල්ලු කළා. ඔහුට ගහන්න උත්සාහ ගත්තා. එහි සිටි නිලධාරියෙකුට කිව්වා, සැමියාගේ ප්‍රකාශය කියවන ලෙසට. එය කියවීමෙන් පසුව, සැමියාව, නිලධාරීන් තිදෙනෙකු විසින් ඇදගෙන ගොස්, කූඩුවට දැම්මා.

ඒ අතර, දහවල් 11.30ට පමණ, පොලීසියේ එලියේ සිටි, මාගේ දියණිය වෙත කඩා පැන්න පොලිස් කාන්තාවන් හා නිලධාරීන් දහ දෙනෙකු පමණ, දියණියගේ බෙල්ලෙන් හා ඇගෙන් අල්ලා ඇය අතවූ ජංගම දුරකථනය උදුරා ගත්තා. ඇය වීඩියෝ කරන ලද බවට චෝදනා කරමින්, ඇයද පොලීසිය ඇතුළට ඇදගෙන විත් දුරකථනය පරීක්ෂා කළා.

ඉන් අනතුරුව ඇයට තර්ජනය කරමින් ඔවුන් ලියන ලද ප්‍රකාශයකට අත්සන් ගත්තා. විටින් විට, බීමතින්, ඇය අසලට පැමිණි පොලිස් නිලධාරීන්, ඇයට ඉතා කිට්ටු වී, විවිධ ප්‍රශ්න අසමින් නින්දා අපහාස කළා.

මේ ආකාරයට, රාත්‍රී 7.30වනතුරු, පැය 08කට වැඩි කාලයක්, රඳවාගෙන සිට, පොලිස් ඇපයක් මත මුදා හැරියා. ඇයට, නඩුවක් දාන බව ප්‍රකාශ කළා.

මේ ආකාරයට, අපරාධයක වින්දිතයෙකු වූ මාගේ සැමියාටත්, බදුරලිය පොලීසියේ, නීති විරෝධී ක්‍රියාවන් වීඩියෝ කළ බවට සැක කරමින්, අවුරුදු 20 ක් වන, වෘතීය අධ්‍යාපන කටුයතුවල නියලෙන, දියණියට, බදුරලිය පොලීසිය සිදුකරන ලද නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, ශාරීරික හා මානසික වධ හිංසා පැමිණවීම හා නීති විරෝධීව රඳවාගෙන, කෲර අවමන් සහගත සැළකිලි හා දඬුවම්වලට භාජනය කිරීම සම්බන්ධයෙන්, බදුරලිය පොලීසියේ, ස්ථානාධිපති, කාන්තා පොලිස් නිලධාරිණියන් ඇතු`ඵ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මෙයට, මව- කුමාරි