කන්නදෙන්න, බෙහෙත්ටික දාන්න හිටිය එකම දරුවා නැති කර දැම්මා.
01.පොලිස්පති 02. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව 03. ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව 06. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී - ක`ථතර
වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල
පයාගල පොලීසිය, බත්ටික කන්නට නොදි අත්අඩංගුවට ගෙන, පහරදි රැගෙන ගොස් බොරු නඩු දමා, රිමාණ්ඞ් කරවා, කන්නදෙන්න, බෙහෙත්ටික දාන්න හිටිය එකම දරුවා නැති කර දැම්මා.
තිසේ අප්පුහාමිලාගේ සෙනෙලතා සිරිවර්ධන, අවු:-85යි. උපන් දිනය:- 1948.09.17. වැන්දඹු. දරුවන් 01යි. නො.39, අධිෂ්ඨාන පුර, උතුරු පයාගල, පයාගල.
2025.04.07 දින දීය.
ඇලපඩගේ දඳුන් චතුරංග සිල්වා, අවු:-37යි, අවිවහක, ධිවර ( දිනපතා කුඩා බොට්ටුවලින් මුහදු යෑම). මාගේ එකම දරුවා වේ.
2025.03.27 ප.ව.3.00ට පමණ මුහුදු ගොස් පුතා ගෙදර පැමිණියා. කොස් ඇට තලා මා`ථවක් සදා ගෙන පුතා බත්කමින් හිටියා. අප දන්නා අසල්වැසි සුරංග ණැමැති අයද ආවා. ඔහුටද බත් කන්න දුන්නා. දෙදෙනාම බත්කමින් ඉන්කෙට, පයාගල පොලිසියේ ලොකු මහත්තයා එක්ක තිදෙනෙක් ආවා. ඔවුන් හිටියේ සිවිල් පිට. ගෙදරට ආපු සැනින්, පුතා ගේ කොණ්ඩෙන් අල්ලා, ‘‘සුරංග’’ කෝ කියාඇසුවා. මා බත්කමින් හිටිය ‘‘සුරංගව’’ පෙන්නුවා.
බත් එක පැත්තකින් තියපන්, නැගිටපන් අපිත් එක්ක යන් කියා, දෙදෙනාවම ජිප් එක ළඟට ගෙන ගියා. පුතා ජිප් එකට නග්ගා, සුරංග ජිප් එක ළඟට ගිය සැනින් ඇඳ සිටි සරම කඩා දමා, පැනනලා ගියා.
පසු දින පුතාව ක`ථතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ, මහේස්ත්‍රාත් වරයාට ඇප දිමට නොහැකි ප්‍රමණයක ‘‘හෙරොයින්/අයිස්’’ මත්ද්‍රව්‍යය සන්තකයේ තිබුන බවට බොරු චොදනාවක් නගාය.
මට උසාවියට ඉදිරිපත් කරන දිනයට වත් නිතිඥ සහය ලබා ගන්නට සල්ලි නැත. මහාධිකරණයෙන් ඇප ඉල්ලීම සිහිනයකි. මන්ද, නිතිඥවරුන් ගේ ගාස්තුව රු:-40,000/-ට වැඩි නිසාය.
මෙම තත්වය තුල පුතාට අඩුම වශයෙන් මාස 9ක් හෝ ඊට වැඩි කාලයක් රිමාන්ඞ් එකේ සිටින්නට සිදුවේ.
මා දන්නා තරමට ෙබිරුවල ධිවර වාරයෙන් මුහුදු යන සෑම ධිවරයෙක්ම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන බව කිව යුතුයි.
සොරකමක් සම්බන්ධයෙන් ‘‘සුරංග’’ නැමැත්තාව අත්අඩංගුවට ගන්න පැමිණි පයාගල පොලීසිය බත්කමින් සිටි පුතාට, බත්ටික කන්නට නොදි අත්අඩංගුවට ගෙන, පහරදි රැුගෙන ගොස් බොරු නඩු දමා, රිමාණ්ඞ් කරවීම නිසා, මට කන්නදෙන්න හිටිය, බෙහෙත්ටික දාන්න හිටිය එකම එකා නැති කර දැම්මා.
ඉල්ලා සිටින්නේ ප්‍රමාද නොකර, පයාගල පොලීසිය සිදුකළ අපාරාධය ගැන, සොයා, පුතාට නිදහස ලබා දෙන ලෙසටයි.
තිසේ අප්පුහාමිලාගේ සෙනෙලතා සිරිවර්ධන