පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.

 මත්ද්‍රව්‍ය භාවිතා කිරීම අදාළ පෙරවැරදි මුල්කරගෙන, අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා රක්ෂිත බන්ධනාගාරගත කිරීම.

...... සිල්වා, අවු: 53 යි, ජා.හැ.අ.6957......, දරුවන් 03 යි.

ලිපිනය : ................, වාද්දුව.

දු.අ.077..........

2024.03.27 දිනදීය.

............ සිල්වා, අවු: 52 යි, මාගේ සැමියා වේ. සංචාරක මග පෙන්වන්නෙකි.

 2024.03.25 දින, සවස 6.00 පමණ, සැමියා, ------- බැංකුව අසල, යාලූවෙකුගේ නිවසේ සිටින විට, වාද්දුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 ඔහුට ඒ අවස්ථාවේ සිට අමානුෂික ලෙස පහර දී ඇත.

 ඉන් අනතුරුව, ඔහුව අධිකරණයට ඉදිරිපත් කර, රැදවුම් නියෝග ගෙන තිබේ. වාද්දුව පොලිසියේ ර`දවාගෙන සිටී.

 සැමියාව අත්අඩංගුවට ගත් අවස්ථාවේදීත්, පොලිසියට ගෙන ආ පසුත් අමානුෂික ලෙස පහර දී ඇත.

 2024.04.02 අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.

 සැමියා , අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව ප‍්‍රකාශ කරමි. පෙර වැරදි ඇත. පවත්වාගෙන යන නඩු නැත.

 නඩු කීමට නොහැකි නිසා, සෑම අවස්ථාවකම වැරැුද්ද පිළිගෙන දඩය ගෙවා, පොලිසියට සහය වී තිබේ.

 මා ඉල්ලා සිටින්නේ, තවදුරටත් ප‍්‍රමාද නොකර, සැමියාව අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට පත්කර, නිසි ප‍්‍රථිකාර ලබාදෙන ලෙසටය.

 එමෙන්ම, ව්‍යාජ චෝදනා නගා, රක්ෂිත බන්ධණාගාරගත කිරීමෙන් වැළකී සිටින ලෙසටය.

 මත්ද්‍රව්‍ය භාවිතා කිරීම මූලික කරගෙන, ව්‍යාජ චෝදනා දැමීම වළක්වාලන ලෙසත්, ප‍්‍රමාද නොකර රස පරීක්ෂක වාර්තා ගෙන්වා දෙන සෙටත්ය.

 මෙයට,

 .............. සිල්වා.