පානදුර, හිරණ හා කිදෙල්පිටිය, බොල්ගොඩ ගඟට යාබද ගම් දෙක කසිප්පු නිශ්පාදනයටම පිහිටි කසිප්පු පෙරන්නන් හා විකුණන්නන් රජයටබදු නොගෙව්වත්, “පොලීසියටබදු ගෙවනවාලු!

 ඒ අතර, “නඩුත්දෙනවාලු!නඩුවලදී ගහන දඩයෙන් කොටසක් රජයට. පොලීසියට කොටසක්. නීතිඥවරුන්ට ගාස්තු.

 2021 ජුනි මාසයේ, ගෙදරට එන, පානදුර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්, කුමාරව අත්අඩංගුවට ගන්නවා. ඔහු, ගොවිතැන් කර, ජීවත් වන්නෙක්. එක් දරු පියෙක්.

 ඔහු සමග ගෙදර පාවිච්චි කරන ගෑස් සිලින්ඩරයද පොලීසියඅත්අඩංගුවට ගන්නවා.

 “කසිප්පුජාවාරම් කාරයෙක් ලෙසට මොහුව උසාවියට ඉදිරිපත් කරන්නේ, කසිප්පු, ගෝඩා, බැරල් හා ගෑස් සිලින්ඩරයත් සමග.

 උසාවිය ඔහුව, රිමාන්ඩ් කරනවා. බූස්ස බන්ධනාගාරයට යවනවා. එහි සිටින, විශේෂ කාර්ය බලකායට අයත් නිලධාරීන් ඔහුට දස වධ දෙනවා.

 මාසෙකට ආසන්න කාලයක් අන්ත දුක් විඳින ඔහුව, පුද්ගල ශරීර ඇපයක් මත මුදා හරිනවා.

 නඩුව කල් යනවා.

 වාර දෙකක් උසාවියට ඉදිරිපත් වෙන්නේ නෑ. නීතිඥයාට දෙන්න රු: 5,000/- ක් හොයා ගන්න බැරිවුන හින්දා.

 උසාවියට ඉදිරිපත් කරන ලද, ගෙදර තිබූ ගෑස් සිලින්ඩරයවෙන්දේසි කර, ලැබෙන මුදල රජයට බැර කරන ලෙසට උසාවිය නියෝග කරනවා.

 ගෑස් සිලින්ඩරය වෙන්දේසි කළාද, කළා නම් කීයටද, ඒ මුදල රජයට බැර කළාද, යන කිසිදු තොරතුරක් නඩු වාර්තාවේ නැහැ. දැන ගන්න ක්‍රමයකුත් නැහැ.

 අත්අඩංගුවට ගන්න වේලාවේ, පානදුර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කියනවා, උඹේ අයියා ගේ කීමට තමයි උඹව ගන්නේ කියලා.

 අයියාගේ තාත්තයි, මොහුගේ තාත්තයි දෙන්නෙක්.

 අයියා හා ප්‍රදේශයේ ප්‍රකට කසිප්පු ජාවාරම් කාරයින් තවමත් නිදැල්ලේ. යුක්තියට ඔවුන් හසුවන්නේ නැහැලු!

 ඔහු සියු විස්තර, ලිඛිතව පොලිස්පතිට යවලා තියෙනවා.

 ඉල්ලන්නේ, සොයා බලන්න කියලා. බොරු නඩුව ඉවත් කරන්න කියලා. ගෑස් සිලින්ඩරයට වුනේ දෙ දන්වන්න කියා.

 ඉතා දුෂ්කර ජිවිතයක් ගත කරන මොහු ගේ මව ''යකඩ ගාණ්', කියන්නේ මේ විදයට පොලිසිය හා එක්ව මල්ලිව හිරේ දාන්න හදන්නේ කෝටි පහකට වැඩි වටිනාකමකින් යුත් දේපල අයිති කර ගන්න කියලා.

උසාවියට ඉදිරිපත් කරපු “ගෑස් සිලින්ඩරය” ට වුනේ මොකක්ද? අත්අඩංගුවට ගත්තේ අයියා ගේ කීමට. අයියාගේ තාත්තයි, මොහුගේ තාත්තයි දෙන්නෙක්. අයියා හා ප්රතදේශයේ ප්රහකට කසිප්පු ජාවාරම් කාරයින් තවමත් නිදැල්ලේ. “යුක්තිය” ට හසුවන්නේ නැහැලු! ....තව කියවන්න.