01. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.

02. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව,අංක: 14, ආර්.එ්. ද මැල් මාවත,කොළඹ 04

පෙර වැරදි නොමැති, මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු සම්බන්ධයක් නැති, නිත්‍යානුකුලව ජිවත්වන මාව, අත්අඩංගුවට ගන්නා බවට කරනු ලබන තර්ජන සම්බන්ධවයි.

 -----සිල්වා, අවුරුදු 18, ජා:හැ:අ:- 2005-----. විවාහක, දරුවන් 01යි.

නො:---, --------, මෝදර, මොරටුව. දුරකථන අංකය:- 076 -------

 2024.04.03 දිනදීය.

 දින දෙකක තුනක සිටි, එගොඩ උයන, පොලිස් ස්ථානයේ ස්ථානාධිපති අනිල් නිලධාරි, මා දන්නා හඳුනාන අයට පවසා තිබෙනවා, මාව අත්අඩංගුවට ගෙන ‘‘හයිකෝට් එකක්’’ දාන බව.

 ඉහත ලිපිනයේ සැමියා සමඟ අවුරුදු 1 1/2, වයස ඇති පුතා සමග ජීවත් වන අතර, මාගේ පියා ද එහි ජීවත්වෙයි.

 සිදු ආකාරයක මත්ද්‍රව්‍ය ජාවාරම්මකට මා, පියා හෝ සැමියා සම්බන්ධ නොමැත.

 එහෙත් මාගේ මව වන ------- කුමාරි (අවුරුදු 42* මත්ද්‍රව්‍ය චෝදනා වලට රිමාන්ඕ භාරයේ සිටි තැනැත්තියකි. ඇයව ඇප මුදා හැර මාස තුනකට වැඩිය. ඇය ඉන්නා තැනක් මා නොදනී. මා හෝ පියා සමඟ කිසිදු සම්බන්ධයක් නැත.

 මෙම පසුබිම යටතේ එගොඩ උයන, පොලිස් ස්ථානයේ ස්ථානාධිපති අනිල් නිලධාරි, නිලධාරි මාව අත්අඩංගුවට ගන්නා බවට කරනු ලබන තර්ජන නිසා දැඩි භියට හා කම්පනයට පත්ව සිටිමි.

 සැමියා මාලූ විකුණන අතර මා අවුරුදු 1 1/2, දරුවා බලාගෙන සිටිමි. වයස්පූර්ණත්වයට පත්ව සිටින මා නිත්‍යානුකූල විවාහ වීමට සූදානම් සිටින අවස්ථාවක ‘‘ව්‍යාජ චෝදනා’’ නගා රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබුවහොත් මාත් මගේ දරුවා මෙන්ම මුළු පවුලම අනාථ වන බව ප‍්‍රකාශ කර සිටිමි.

 ‘‘මව’’ වැරදි කරන්නියක් නිසා, ඇය ඉන්නා තැනක් හෝ නොදන්නා පසුබිමක මාව අත්අඩංගුවට ගැනීම අපරාධයක් බවද ප‍්‍රකාශ කර සිටිමි.

ඉල්ලා සිටින්නේ ආරක්ෂාව සලසා දෙන ලෙසටය.

 --------------- සිල්වා