ගෙදර හිටිය අම්මවයි අක්කවයි අත්අඩංගුවට අරගෙන, රිමාන්ඩ් කෙරෙව්වා දැන් මාවත් ගන්නවාලු!අප්සරාගේ කථාව.

 “කුඩුජාවාරම් කරන අසල්වැසියො ඉන්නවා. අම්මාවඅත්අඩංගුවට ගත්තා. පැකට්එකක් තිබුනා කියලා උසාවි දැම්මා. බලපෑම්වලට යටවෙලා,රු: 10,000/- ක් ගෙවලා නිදහස් වුනා. අක්කව අරන් ගිහිල්ලා හයිකෝට් එක්ක දැම්මා, වෙනත් කොනෙක්ගේ කීමට. ඊට පස්සේ ආයෙත් අම්මාව අරන් ගිහිල්ලා හයිකෝට් එක්ක දැම්මා.

මම OL කරලා, දැන් කොරියන් ඉගෙන ගන්නවා. විදේශ ගතවෙන්න. ඒ අතර තමයි, අම්මවයි අක්කවයි කුඩු චෝදනා දාලා රිමාන්ඩ් කෙරෙව්වේ.

ඉගෙන ගන්න ගමන් අක්කාගේ අවු: 8 ක් වන පුතාව බලාගෙන මම තාත්තාට කඩේ කරගෙන යන්න උදව් වෙනවා.

ඇය, පොලිස්පති අමතා ඉල්ලන්නේ යුක්තිය.

 01. පොලිස්පති02. ලේකම්මහජන ආරක්ෂක අමාත්‍යාංශය

ගමේ, මත්ද්‍රව්‍යය ජාවාරම් කරමින්, නිරුපද්‍රිතව සිටින්නන් ගැන ප්‍රශ්න කිරීම නිසා, පළි ගැනීමට, ව්‍යාජ චෝදනා නගා, අත්අඩංගුවට ගැනීමට දරන උත්සාහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.

-------සිල්වා, අවු: 18 යි, ජා.හැ.අ. 2006-----ල ලිපිනය: ------ බේරුවල. දු.අ. 072 -----

 2024.04.17 දින දීය.

 2022 වසර, අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් පසුව, මා, විදේශගතවීමේ අපේක්ෂාවෙන්, කොරියන් භාෂාව හදාරමින් සිටිමි.

අප නිවස තුළ, සු`ඵ පරිමාණ වෙළඳාමක් (සිල්ලර කඩයක්) කරන අතර, එම කාර්යයට, මවද හවුල් වූ අතර, පියා, ත්‍රීරෝද රථ රියදුරෙකු වශයෙන් අතිරේඛ ආදායමක් උපයා ගනී.

 2024.02.09 වන දින, මාගේ වැඩිමහල් සොහොයුරිය, බේරුවල පොලීසිය, අත්අඩංගුවට ගෙන, මත් ද්‍රව්‍යය මි.ග්‍රෑ. 2,600 ක් ළඟ තබාගෙන සිටි බවට ව්‍යාජ චෝදනා නගා, රිමාන්ඩ් කරනු ලැබීය. අදටත් ඇය සිටින්නේ, `ඵතර බන්ධනාගාරයේය.

එදිනම, මවද, අත්අඩංගුවට ගත් අතර, ඇයට, මත්ද්‍රව්‍යය සු`ඵ ප්‍රමාණයක් තිබූ බවට චෝදනා කර, උසාවියට ඉදිරිපත් කරන ලදි. නීතිඥ උපදෙස් හා පොලීසියේ බලපෑම් මත, මෙන්ම ගෙදර කව්රුත් නැති ප්‍රශ්නය මත, වරද පිළිගෙන රු: 10,000/- ක් දඩයක් ගෙවා නිදහස් විය.

එයින් මසකට පසුව, 2024.03.14 දින, `ඵතර පොලිස් අධිකාරී කාර්යාලයේ, “යුනිට්එකෙන් පැමිණ, මව, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර. රිමාන්ඩ් කරවනු ලැබීය.

දැන් මාගේ මව හා අක්කා, රිමාන්ඩ් බාරයේ සිටින අතර, ඇගේ අවු: 7 ක් වයසැති පුතාව බලාගෙන, කඩයද බලාගෙන, අධ්‍යයන කටයුතු කරමින් මා සිටිමි.

මෙම පසුබිම තුළ, අසල්වැසියන් පිරිසක්, සංවිධානාත්මකව, “මව සහ අක්කා සිදුකරන ලද බවටචෝදනා කර තිබෙන, මත්ද්‍රව්‍යය ජාවාරම, මා කරන බවට ප්‍රචාරය කරගෙන යනු ලබයි.

මාගේ පියා, ------------සිල්වා, 2024.03.20 දාතමින්, පොලිස්පති හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත, “මත්ද්‍රව්‍යය ජාවාරම් කරන පවුලක අවශ්‍යතාවයට, මත්ද්‍රව්‍යය චෝදනා කර, රිමාන්ඩ් භාරයට පත්කරවා පීඩාවට පත් කිරීම”. යන හිසින් කරන ලද ලිඛිත පැමිණිල්ලේ, අදටත් මත්ද්‍රව්‍යය ජාවාරම නිරුපද්‍රිතව කරන අය ගැන ප්‍රශ්න කර තිබීම, මෙයට හේතුව විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.

ඉල්ලා සිටින්නේ, පළි ගැනීමේ චේතනාවෙන් හෝ වෙනත් කරුණකට, මා අත්අඩංගුවට ගෙන ව්‍යාජ චෝදනා’‘ නගා රිමාන්ඩ් කරවීමට උත්සාහයක් ඇත්නම් එය වළක්වාලන ලෙසටය.

ඉහත සිය`ඵ කරුණු සත්‍යය හා නිවැරදි බව ප්‍රකාශ කරමි.

මෙයට,

 ----------- සිල්වා