01. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01

02. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව, අංක: 14, ආර්.ඒ. ද මැල් මාවත

කොළඹ 04

 නිවැරැදි තොරතුරු ලබා නොගෙන, බාහිර පුද්ගලයින්ගේ අවශ්‍යතාවයට හාවැරදී පුර්ව නිගමනයන්හි එල්බගෙන, ව්‍යාජ චෝදනා නැගීම වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.

-------පෙරේරා, අවුරුදු 62යි, ජා:හැ: අංකය:-196-----, විවාහක, දරුවන් 03යි, විශ්‍රාමික/ ස්වයං රැකියාවන්හි නියැලේ.

---------, අළුබෝමුල්ල. දු:ක: අංකය:- 077 ------

2024.0.04 වන දින දීය.

දැනට මාස හතකට පෙර සිට, වරින් වර, අළුබොමුල්ල පොලිසියේ නිලධාරින්පැමිණ නිවස සෝදිසිකිරීම, බැන තර්ජනය කිරීම හා අස්ථාන චෝදනා නගමින් නින්දා අපහාස කර යනු ලබයි.

අළුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති රාජකරුණා නිලධාරී ප්‍රමුඛ නිලධාරීන් චෝදනා කරන්නේ, මා අලුතින් නිවාසය ඉදිකරණ ලද්දේ කුඩු විකුණනසල්ලි වලින් බවයි.

මා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වසර 33, අඛණ්ඩ සේවයෙන් පසු විශ්‍රාම ගිය අයෙකි. මා හට අර්ථසාධක(EPF) හා සේවා භාරකාර අරමුදලේ (ETF) මුදල් මෙන්ම, අධිකාරියේ පාරිතෝෂික අරමුදලේ හිමිකම් වශයෙන්, මා හට රුපියල් ලක්ෂ 90ට වැඩි ප්‍රමාණයක් හිමි විය.

මා නිවස තැනුවේ එම මුදල් වලින්ය. විශේෂයෙන්ම ස්ථානාධිපති රාජ කරුණා නිලධාරියාය ඒ ගැන කිසිදු තැකීමක් නොකර, පරීක්ෂා නොකර යම් බාහිර බලපෑමක් මත, ද්වේෂ සහගතව චෝදනා කරමින් මා කුඩු විකුණනමුදල් වලින් නිවස හැදූ බවට චෝදනා කරයි.

එමෙන්ම මට කුඩුදමා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටතර්ජනය කරනු ලබයි.

ඒ අතර දැනට මාස හතරකට පමණ පෙර, අසල නිවසකට කුලී පදනමින් පැමිණ සිටින පවූලක, අවශ්‍යතාවයට ව්‍යාජ චෝදනා නගා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර කරවීමේ උත්සාහයක් පවතී.

2024 මාර්තු 6 වන දින මාව, බිරිඳව, දුවව හා බෑනාව අත්අඩංගුවට ගෙන ඉහත සඳහන් පවුලේ අවුරුදු 19ක් වන තරුණයෙකුට පහර දුන් බවට ව්‍යාජ චෝදනාවක් නගා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. දැනට මා ඇතුළු පවුලේ හතර දෙනකු සිටින්නේ ඇප මතය.

මා ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍ය භාවිතා නොකරන සහා එම ජාවාරමට සම්බන්ධ නැති නිත්‍යානුකුල රැකියාවන්හි නිරත වෙමින් දිවි ගැට ගසා ගන්නා මා ඇතුළු පවුලේ සාමාජිකයින්ට කරදරකින් තොරව ජීවත් වන වීමට ඉඩ සලසා දෙන මෙන්ය. අ.ක/ ------- පෙරේරා,