දිනකට රුපියල් 5000/- ත් 7000/- ත් අතර ගානක් උපයනවා. “බෙලෙරෝ කැබ්” එකේ මාලු විකුණලා.

දිනකට රුපියල් 5000/- ත් 7000/- ත් අතර ගානක් උපයනවා. “බෙලෙරෝ කැබ්” එකේ මාලු විකුණලා.


පැමිණිල්ල 01. පොලිස්පති, 02. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව, වැලිපැන්න පොලීසිය, 19 හැවරිදි සැමියාව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින අතර, එම කාලය අවසන් වු පසුව, “යුනිට්” එකක් මගින් අත්අඩංගුවට ගන්නා බවට කරන ප්රපකාශය සම්බන්ධවයි. ඉ.වි.සෙ.සි. අවු:- 19යි, ජා.හැ.අ. 200....., විවාහක, දරුවකු ලැබෙන්නට සිටී. ලිපිනය :...............ධර්ගානගරය. දු.අ. 076....... 2022.01.01 දින දීය. ක. සු. ර....., අවු: 19 යි, රැකියාව : මාලු විකිණීම මාගේ සැමියා වේ. 2023.12.29 දින, උදේ 9.30 පමණ, සැමියා, බේරුවල සිට මාලු ගෙන, වැලිපැන්න ප්රීදේශයේ විකුණමින් සිටින විට, වැලිපැන්න පොලිසිය, මාලු සමග කැබ් රථය අත්අඩංගුවට ගනු ලැබීය. මේ දක්වාම සැමියාව රැඳවුම් නියෝග ගෙන, වැලිපැන්න පොලිසිය තබාගෙන සිටී. සැමියාව පසුදින, 2023.12.30 දින සැමියාව මතුගම මහෙස්ත්රාබත් අධිකරණයට ඉදරිපත් කර ගංජා ග්රෑුම් 10 සන්තකයේ තිබු බවට චෝදනා කර රැඳවුම් නියෝග ගන්නා ලදි. රැඳවුම් නියෝග කාලය අවසන්වන 2024.01.04 හෝ ඊට පෙර ඇප මත මුදා හැරිමට ගරු අධකරණය පියවර ගනු ඇති බවට විශ්වාස කරමි. මීට පෙර, මේ අකාරයට සැමියාව අත්අඩංගුවට ගෙන, ‘හෙරොයින්’ නඩු හා ගංජා නඩු දෙකක් පවරා ඇති බවට මට දැන ගන්නට තිබේ. නඩු කීමට බැරි නිසා, වරද පිලිගෙන ඇත. මා ඉල්ලා සිටින්නේ, රැඳවුම් නියෝග කාලය අවසන්වන 2024.01.04 හෝ ඊට පෙර ඇප මත මුදා හැරිමට ගරු අධකරණය පියවර ගනු ලැබුවහොත් ඔහුව “යුනිට්” එකකන් මගින් අත් අඩංගුවට ගනු බව ප්රටකාශවේ. විදේශගතව සිටි පැමිණ සිටින ඔහු, මවට අයත්, බොරේලු කැබ් රථයෙන් මා`ථ විකුණා දිනකට රුපියල් පන්දහසක පමණ අදායමක් උපයා ගනී. එයට අමතරව විදේශ ගතව සිටින සෙහොයුරියන් දෙදෙනාද අධාර කරනු ලබයි. ඔහුගේ පියා ගංජා විකිණිම සම්බන්ධයෙන් වරද කරු වි ඇති අතර, හෙරොයින් ළඟ තබා ගැනීම යන චොදනාවට රිමාණඩ් භාරයේ සිටි. මා ඉල්ලා සිටින්නේ, ඇප මත නිදහස් විමෙන් පසුව සැමියාව අත් අඩංගුවට ගැනීමට ගන්නා උත්සහය වළක්වාලන ලෙසටය. මෙයට, බිරිඳ ................සිල්වා,