පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල පෙර වැරදි මුල් කරගෙන අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කරවීමට දරන උත්සහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම. රේණුකා ---- අවු: 49 යි, ජා.හැ.අ. 19------, විවාහක, දරුවන් 07යි. ලිපිනය : ----------------- ධර්ගානගරය. දු.අ. 076-------- 2024.01.01 දින දීය. 2023.12.28 දින, සවස 5.30 පමණ, වැලිපැන්න පොලීසියේ කසුන් හා ගාමිණි යන නිලධාරින් දෙදෙනා සමග තවත් නිලධාරියෙක් පොලීසියේ ත්රි9රෝද රථයෙන් පැමිණ නිවස ඉදිරිපිට නැවැත්තුවා. එහි මාංචු දමන ලද තරුණයෙක් ද සිටියා. කසුන් නිලධාරියා මට කතා කර උඹ මේ කොල්ලට “කැල්ලක්” වික්කා නේද කියා ඇසුවා. අත්අඩංගුවේ තරුණයාගෙන් විමසුවා ඔහු “ගංජා” ගත්තේ මගෙන් නේද කියා. ඔහු නිහඬව සිටිය. මට යන්න ලැස්තිවෙන් කිව්වා. මා ඔවුන්ට පැහැදිලි කළා දැන් අපි “ගංජා” විකුණන්නේ නැති බව. බොරු නඩු දාන්න එපා කිව්වා. එවිට ඇවිත් ගෙනයනවා කියමින් තර්ජනය කර බන්මින් පිටව ගියා. පසු දින, 2023.12.29 මාගේ 19 හැවරිදි පුතාව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග වැලිපැන්න පොලීසියේ තබාගෙන සිටිනවා. සැමියා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ. පසුගිය වසරේ මා විරුද්ධව දාපු “ගංජා” නඩුවට වරද පිළිගෙන රු:- 17,000/- දඩයක් ගෙවන ලද්දේ නඩු කීමට බැරි නිසා. මා වකුගඩු රෝගියෙක්. ඒ හා අදාල ශෛල්යටය කර්මය 2024.01.26 ට නියම කර තිබේ. මෙම පසුබිම යටතේ, පෙර වැරදි මුල් කරගෙන අත්අඩංගුවට ගෙන බොරු නඩු දමා අධිකරණය පාවිච්චි කර පිඩාවට නොකරන මෙන් ඉල්ලා සිටිමි. මෙයට, රේණුකා